| සිරි කැලණිය පුර බුදුන් වැඩිය බිම අභියස ලැබු බුදු දහම් බලේ විදුහල හෙලේනා විජයවර්ධන කිතුගොස සැරදේ සැරදේ අපි වෙමු එක මවකගෙ දරුවෝ ඔබ සෙවනේ ඉගෙනුම ලබනා එක පාටැති එක රුධිරය වේ අප කය තුල දිවෙනා කුල මල ආගම් ජාතිය දුරලා සිප් සත මැනවින් ඉගෙනුම ලබනා ධිර වීර සූර ගුණෙන් අපි පෙරමුණටම ඇදෙනා නීති ගරුක සුවිනීත ගුණෙන් යුතු සිසු කැළ බිහි කළ විදුහල් මාතා රට ජාතිය වෙනුවෙන් කැපවීමට ඔබෙන් වරම් ලැබෙනා |
![]() |






